Showing posts with label kadulu. Show all posts
Showing posts with label kadulu. Show all posts

කඳුළු දෙන්න

කඳුළු දෙන්න මට හඞන්න සත් සමුදුරු ගොඩ ගලන්න
සුසුම් දෙන්න මට හෙලන්න සක්වල ගල සසල වන්න //

හිත උපන්න ආලවන්ත ඒ රුව කෝ මට කියන්න
මගෙ තනියට මා පමණයි ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න...

ලිහිණියනේ පියාඹන්න ඇය ඇති තැන සොයා යන්න
මා මිය යන බව පවසා ඇය එවන්න මා බලන්න

කඳුළු දෙන්න... //