වියපත් වී


වියපත් වී... වියපත් වී නැත ආදරයේ සඳ
වියපත් දිවි ගඟ මුව දොර අබියස
මගෙ මැණිකේ මං ලඟින්ම ඉඳගෙන
පාර කියනවා හෙට ජීවිතයට

දොරගුලු බිඳගෙන අඳුර ගලන සඳ
සුළඟට නොනිවී දිළෙන පහන් සිල
විස කටු ඇනිලා තැවෙන දැවෙන හිත
මොහොතින් සුවකළ රහස නුඹේ වත

දිවි ගිම්හානේ සරතැස එළවන
වසන්තයේ මද සිහිල් සුළං පොද
සෙවනැල්ලක් සේ මා ළඟ නැවතුන
නුඹේ සෙනෙහෙ මහමෙරට වැඩී මට

වියපත් වී නැත...

සංගීතය: අරුණ ගුණවර්ධන
පද රචනය: සුගත් සෝමවීර

No comments:

Post a Comment