දුරින් ඉඳන්

දුරින් ඉඳන් බලා හිඳිමි නුඹ රූ සිරි රෑ අහසේ
වළාකුලක් මගෙන් මිදී ඈතට යනවා
හෙමින් හෙමින් අනන්තයට පාවී යනවා

සීතල හිම කඳු අතරේ හැපී ගැටී තුරු සිරසේ
යළි එන තුරු නිදි නැති නෙත බලා ඉන්නවා
මටත් හොරා ඔබ හෙමිහිට සැඟවී යනවා

දුරින් ඉඳන් ...

රන් තරු මුතු වැල් නිදනා ගණඳුරු රෑ නිසොල්මනේ
වියළි ලවන් දිය බිඳුවක් පතා ඉන්නවා
මම තාමත් හීනෙන් සඳ සිහිල සොයනවා

දුරින් ඉඳන් ...

සංගීතය: දර්ශන වික්‍රමතුංග
පද රචනය: ආචාර්ය දුමින්ද හඳපාන්ගොඩ

No comments:

Post a Comment