අවාරේ

අවාරේ මහ අනෝරාවක තෙමී
සමනොළ කන්ද නැගලා
මගේ හිස සිරි පතුලේ ගාවා
නැවතුනේ නෑ අම්මා
ලපටි ඉර මල නෙලා ගන්නට
අහස දෝතට ලංකලා

මහා ගංගා හුස්ම ගන්නා
නොසිඳෙනා දිය කඳුර සොයලා
සෙනෙහෙ ලේ කිරි එයින් තවරා
නැවතුනේ නෑ අම්මා
සිඟිති දිය උල්පතක් පෙන්නා
මුහුදටම යන පාර කිව්වා

කඳුලකට කහ දියද ඉහලා
ලදැල්ලක පිණි පබළු මතුරා
නෙලුමකින් මා ලයේ ගලවා
නැවතුනේ නෑ අම්මා
ලඟින් දළදා සමිඳු තියලා
පිරිත් කියනවා තාම අම්මා

සංගීතය: අරුණ ගුණවර්ධන 
පද රචනය: සුජීව හෙට්ටිතන්ත්‍රී

No comments:

Post a Comment