මොනවාදෝ කියයි ඔබේ ඇස

මොනවාදෝ කියයි ඔබේ ඇස
වැටහේදෝ කෙසේනම් ඒ බස
හදවත් කතරට පෙම් සිලිලාරද අයදින්නේ
ගිනිගත් සිතකට ස්නේහයෙ සිසිලද ඉල්ලන්නේ

තොල්පෙති අතරින් වදනක් විලසින්
පිටමං වන්නට නොහැකි සිතුම්
දෙනෙත් කෙවෙනි තුළ පොර බදමින්
ගොළු බසකින් මුමුණයි

මොනවාදෝ කියයි...

ඇසෙනා මිනිසුන් අසනා හඬකින්
පැවසිය නොහෙනා සුපෙම් හැඟුම්
දෙනෙත් කැලුම් මැද කැටි ගැසෙමින්
නිහඬව ලොව අමතයි

මොනවාදෝ කියයි...

No comments:

Post a Comment