ආදරය ගොළු වෙලා

ආදරය ගොළු වෙලා
පෙම්වතිය තනි වෙලා //
මෝරෙකුගෙ දත් වලින්
කුඩ මසුන් රැක ගන්න
මහා රුදු සටනකට ...
පෙම්වතෙක් මැදි වෙලා
හඹා යන විටදි මෝරා
විසිරුනේ කුඩ මසුන්
හිස හැරුනු දස අතේ

නොවේ එය නියම පිළියම
නොමැතිව නිසි සරණා
(නොමැතිව නිසි සරණා)
මැදි වුනෝ කීප දෙන
මෝරාගේ දත් අතර
(මෝරාගේ දත් අතර)
මේ මිනිස් සතුන් අතරත් හිඳී මෝරුන් දියේ විලසත්
(මේ මිනිස් සතුන් අතරත් හිඳී මෝරුන් දියේ විලසත්)
දකිනු එය පෙම්වතිය නුවණින්
ලැබූ මිනිසත් බවේ නාමෙන් //

No comments:

Post a Comment