දුර ගමන් යයි

දුර ගමන් යයි, තනිව හැසිරෙයි
ඇසට නොපෙනෙන්නේ
එවන් සිතමයි කෙලෙස් ගිණිගන්නේ
උතුම් සදහම් ඥානයෙන්
සිත නිවා ගන්නේ
දුකින් ගැලවෙන්නේ

හද ලෙනේ සැඟවී හිඳින්නේ
සිතන දේ කිසිවෙකු නොදන්නේ //
යනෙන තැන රහසේය යන්නේ
නොමැත දිස්වන්නේ
නොමැත හෙලි වන්නේ
 
දුර ගමන් යයි ...

හිතුමතේ දසතේ සරන්නේ
රස පහස සොයමින් ඇදෙන්නේ //
නොදැමිවූ සිත රැක නොගන්නේ
දුක වැළඳ ගන්නේ
මරුට බිලිවන්නේ

දුර ගමන් යයි ...

සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය: කුලරත්න ආරියවංස

No comments:

Post a Comment