තරිඳු සේ නිලඹරේ

තරිඳු සේ නිලඹරේ  ඈත්වී ඔබ ඉන්න
නෑවිදින් මා ලගට මගෙන් වෙන්වී ඉන්න //

සඳ එලිය ගලා මා පුබුදුවන විලාසෙන්
දුර සිටින ඔබ බලා නොතැවී ඉඳින්නම් //

තරිඳු සේ නිලඹරේ ...

ලඟාවූ සියලු දෑ නිසරු වී ඇති නිසා
ඔබ ලඟා වනු එපා, නොතැවී සිටින්නම් //

තරිඳු සේ නිලඹරේ ...


සංගීතය: වික්ටර් රත්නායක
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න

1 comment:

  1. මේ ගීයේ පද රචකයා මහාචාර්ය සුනිල් ආරියරත්න යි.

    ReplyDelete