මලක් සේ හිනැහිලා


මලක් සේ හිනැහිලා දුව වැඩෙන හැටි බලා
බයත් හිතෙනව මැණිකේ ගණ අඳුර බෝවෙලා
ගොදුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා
දෙනෙත් සේ රැක ගනිමු පුතුට මඟ පෙන්නලා

පිපෙන මුත් රුව දරා සුවඳ නැති මල් පවා
නොවටිනා බව කියමු දුවගෙ හිත සනසලා
නැණ ගුණෙන් සවි වඩා සඳ දියෙන් හද තෙමා
ජීවිතය කියා දෙමු පුතුගෙ හිත නොරිදවා

මලක් සේ...

රට දැයම හඳුනනා නව පැතුම් පණ පොවා
අපේ රුව ගුණ කියමු කලා වැව පෙන්නලා
රට දැයම හඳුනනා සොඳුරු මිනිසෙකු වෙලා
ලොව දිනන හැටි කියමු පිරුණු මිනිසෙකු වෙලා

මලක් සේ...

ගායනය: සුනිල් එදිරිසිංහ සමඟ  ප්‍රදීපා ධර්මදාස
පද රචනය: පමිත ආර්. ලියනගේ
සංගීතය: රෝහණ වීරසිංහ

3 comments:

  1. මම අද තමයි ඉස්සෙල්ලාම මේ බ්ලොග් එකට ආවේ,ගොඩක් හොද වැඩක්, ඉදිරියටම කරගෙන යන්න..

    ReplyDelete
  2. Good work..I like this blog.good luck

    ReplyDelete