මල් වැහි පොද

මල් වැහි පොදට ආරාධනා
ඉවරයි අසනි හෙණ ගර්ජනා
නිල් දෙරණ මල් යහනක් කරන්නට
මල් වලට ආරාධනා

ගිනි අවි නිවී ලතැවුල් සිඳී ගිය ගම් දොරේ
කුණු කසල සේදී ගිහින් උතුරන ගංදියේ
(නව සිතින් සිතුවිල්ලක් සිතා
නව අතින් නව නිමැවුම් මවා) //
අළුත් මහ පොළොවකට මේ ආරාධනා

රහසේම පිපිලා පරවෙලා යන ජීවිතේ
හැකිනම් පුදන්නට ඉත සිතින් පූජාසනේ
(එක වී ඇට වී කරලක් වෙලා
හෙට රන්වනින් වගුරයි සිනා) //
ඒ මහා පිංකමට මේ ආරාධනා

ආරාධනා....ආරාධනා
අළුත් මහ පොළොවකට මේ ආරාධනා
ආරාධනා....ආරාධනා
ඒ මහා පිංකමට මේ ආරාධනා
ආරාධනා....ආරාධනා
ඒ මහා පිංකමට මේ ආරාධනා

2 comments:

  1. පුදුමයි !!!!. මම මේ දැනුත් මල් වැහි පොද සිංදු ටික අහන ගමන්. ඒ ගමන්මයි දැක්කෙ බ්ලොග් 1 update වෙලා තියනවා. හරිම ලස්සන සිංදුවක්. ඒ වගේම මල් වැහි පොද ගී තැටියෙ තියන ගීත වලින් රන්මිණි සළුව ගීතය, ඉරට උඩින් සිංදු කියන, රන් මැලි සෑය විය වගේ ගීතත් කාලෙකින් අහන්න ලැබුණ පුදුමාකාර ලස්සන ගීත

    ReplyDelete
  2. අළුත් වැස්සක් ඇල්බමයට වඩා හොඳ මතක හිටින ගීත එකතුවක්.

    ReplyDelete